Introduction
ලෝකයේ දැනට තියෙන mobile OS අතරින් දැනට තියෙන ජන්ප්‍රියතම mobile OS එක තමයි Android කියන්නේ. මේ OS එකේ ජනපියත්වයට බලපෑම් ඇති කල හෙතු අතරින් ඉදිරියටම තියෙන්නේ open source වීමයි. ඒ කියන්නේ නිදහස් මෘදුකාංග ගනයට තමයි Android ඇතුලත් වන්නේ. ඒ නිසාම මේ OS එක develop කිරීම ලෝකයේ බොහෝ පුද්ගලයින් අතින් සිදු වෙනවා. වේගවත් බවත්, ආකර්ෂනයත් නිසාම මේ Android ලෝකයේ ඉහලටම පැමින තිබීම අරිමයක් කියලා හිතන්න අමාරුයි.
Android සම්බන්දව අද වෙනකොට අන්තර්ජාලයේ බොහෝ ලිපි ඇතුලත් වෙබ් අඩවි මෙන්ම විවිධ පුද්ගලයින් විසින් තනන ලද බ්ලොග් අඩවිද බලා ගන්න පුලුවන්. ලංකාවේත් ඒ සම්බන්දව වෙව් අඩවි වගේම මේ වගේ බ්ලොග් අඩවිත් ඕන තරම් දැන් තියෙනව. ඒත් බොහෝ බ්ලොග් අඩවි ලියවිලා තියෙන්නේ ඉංග්‍රීසි භාශාවෙන්. භාෂාව එතරම් ගැටලුවක් නැතත් සිංහලෙන් Android සදහා සාපේක්ශව blog අඩවි ලියවී ඇති ප්‍රමානය මද නිසාත්, ඒ වෙනුවෙන් යමක් එකතු කිරීම සදහාත් ගන්නා ලද උත්සාහයක් ලෙස Sri Andry blog අඩවිය හැදින්විය හැකිය.
- - - - - - - - - - - - -- - - - - - - - - - - - - -- - - -- - - - - - - - - -
මෙහි තිබෙන Apps, Games, Widgets ආදී දේ දමා ඇත්තේ Android හී ආකෘතිය අනුව .apk ආකාරයටයි. සියලු Android ජංගම උපකරණ සඳහා Google Play හි ඉතා පහසුවෙන් Download කර ගැනීමේ පහසුකම් සපයා තිබුනත් ඒවා සියල්ලක්ම download වීම සඳහා යොදා ගැනෙන්නේ ජංගම දුරකතන්යේ දත්තය (KB or MB). සාමාන්‍යයෙන් ජංගම දුරකතනයේ දත්ත පැකේජයක් (Data Package) සක්‍රිය නොකර MB 15 - 20 යනුද විශාල ප්‍රමානයක් බැවින් එම ගැටලුවට විසදුම්ද මෙම blog අඩවියෙන් සපයා ඇත.
එනම් පරිගනකය හරහා අදාල Apps, Games, Widgets ආදී දේ download කර ඒවා ජංගම දුරකතනයට දමා ඒ හරහා ස්ථාපිත (install) කර ගැනීමයි. එවිට ජංගම දුරකතනයේ දත්ත භාවිතා නොවන අතර අවශ්‍යනම් අදාල .apk ගොනු වෙනත් Android ජංගම උපකරණයක් වෙතද Bluetooth හරහා හුවමාරු කර හැක.
Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here
Subscribe to:
Comments (Atom)
No comments:
Post a Comment