මේ හැම දෙයක්ම ඉවර උනාට පස්සේ 2008 සැප්තැන්බර් 20 Android OS එකේ ඔක්කොම codes Google Inc. එකෙන් ප්‍රසිද්දියට පත් කලා. ඒ කිව්වේ හැමෝටම use කරන්න ඉඩ දීලා, හැබැයි අර කලින් කියපු නීති රාමුවටත් යටත්ව තමයි.. මේ codes වලට ගැලපෙන් අනං මං Applications නිර්මාණයට අනුබල දීමක් විදියට තමයි මෙහෙම codes ප්‍රසිද්දියට පත් කරලා තියෙන්නේ.
මේ විදියට හැඩ වැඩ කරලා Android OS එකේ run කරන්න පුලුවන් විදියට හදන Apps, හුවමාරු කරන්න විශේෂ තැනක් මීට කලින්ම එ කියන්නේ 2008 අගෝස්තුවේදීම Google Inc. විසින් හඳුන්වා දුන්නා. ඒකට කිව්වේ Android Market කියලා හැබැයි දැන්නම් මේකේ නම වෙනස්. දැන් කියන්නේ Google Play කියලා නම වෙනස් කලා කියලා කලින් තිබුන Apps. ටිකත් Google Play වල තියෙනවා. ඕනෑම කෙනෙක්ට Apps. හදලා Google Inc. එක්ක එකතු වෙලා ඔය කිව්ව Google Play වලට එකතු කරන්න. ඕනම කෙනෙකුට කිව්වේ ඉතින් ඕනෙම කෙනෙකුට තමයි. අපිටත් Android Apps. හදන්න පුලුවන්නම්. (Java දන්න අයටනම් ලේසියි) ඒ ඕනම App. එකක් ඔය place එකට දාන්න පුලුවන්. එහෙම හදපු ඕනම App. එකක් නොමිලේ දේන්නත් එහෙමත් නැත්තම් Google Inc. එකට විකුනන්නත් පුලුවන්. Google Inc. විසින් මිල දීලා ගත්තු ගොඩක්ම Apps. - Google Play වල විකුනන්න තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් වලින් ගත්තොත් හොඳ මට්ටමේ Apps. / Games Rs1000/= ට මෙහා වගේ ගන්න පුලුවන්. නොමිලේ දෙන ඒවත් ගොඩක්ම මේකේ තියෙනවා. මොන දේ උනත් ඕනම App. එකක් Google Play වලට දාන්නේ Google Inc. එකේ අධීකෂණය යටතේ තමයි. එ කියන්නේ මේ කිසි දෙයක් ආවට ගියාට කරන්නේ නෑ ප්‍රමිතියක් ඇතුව තමයි හැම දෙයක්ම සිද්ද වෙන්නේ. මොකද ඉතින් Android වත්, Google වත් ලංකාවෙ ඒවා නෙමෙයිනේ. තේරුනානෙ කියපු දෙ ?
කලින් කිව්ව විස්තරේ අනුවත් Android Mobile OS එක කියන්නේ ඉතා සම්පූර්ණ OS එකක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙත් නෑනෙ. ඕනම mobile device එකකට හැලපෙන හැම software අට්ටියක් විදියට Android වල්දී ඉදිරිපත් කරනවා. Mobile device එකක් නිෂ්පාදනය කරන්නෙකු හෝ වේවා mobile device එකකට communication ලබා දෙන්නෙකුව වේවා, ඔය කාටත් ඕන කරන technical background එක Android වලදී ඒක සහජයෙන්ම පිහිටලා තියෙනවා.
Android OS එක තියෙන mobile device එකක්, ඒක අතේ තියාගෙන ඉන්න පුද්ගලයා කැමති ඕනම් service එකක්ම වගේ ලබලා දෙනවා. ඒ බලසම්පන්න කම ලැබෙන්නේ Google Play වලින් ලබා ගත හැකි Apps. වලින් තමයි. අනෙක් කාරනය Android device වලට Apps. දාන්න තියෙන ආරක්ෂාකරී ක්‍රමයත් Google Play තමයි. මොකද ඔයා use කරන device එක ඒකෙදී හරියටම දැනගෙන තමයි device එකට install වෙන්නේ.
BACK
BACK

No comments:
Post a Comment