අද ලෝකේ වැඩියෙන්ම ජනප්‍රියතම Mobile OS එක මොකක්ද කියලා බැලුවොත් ඉතින් උත්තරේ Android ම තමයි.
හැබැයි තව කතාවක් තියෙනවා. Apple Inc. එක චෝදනා කරනවා ඒ ගොල්ලන්ගේ codes උස්සලා තමයි Android බිහි වෙන්නේ කියලා. ඒ ගොල්ලෝ Android එකට විරුද්දව නඩු පවා දාලා තියෙනවා. ඔය Side to unlock, AI (අර ඇපල් වල සිරි ඈ..), Multi Touch වගේ දේවල් copy කලා කියලා. Steve Jobs එයාගේ චරිතාප්‍රදානයේදි ත් කියලා තියෙනවා Android එකෙන් වන්දි එයාට එපා. එයාගේ අරමුන Android අතුගා දැමීම බව. අතුගෑමනම් කෙසේ වෙතත්. Android වලට උපරිම තරගයක් දෙන එකම අනෙක් Mobile OS එක iOS කියලා කියන එකත් වරදක් නෑ. මොකද කියනවනම් Android OS එක දාල හදන mobile device තොගයක් ලෝකේ තියෙනවා. මේ අපේ Samsung, වගෙම Sony, AlcaTel, Motorola, HTC, Micromax සහ තවත් ලෝක ප්‍රසිද්ද brands තියෙනවා. ඒත් iOS mobile එක දාන්නේ Apple mobile devices වලට විතරයි. එහෙම වෙලත් Apple කෙලින් ඉන්නවා...
--
ඒ මොනවා උනත් වේගයෙන්ම උඩට එන්නෙනම් Android තමයි. ගෙවී යන හැම තත්පරයක් පාසාම ලොව පුරා විකීනී යන Android සහිත් Smart Phone ගනන 13 ක් කියලා තමයි ගනන් බලලා තියෙන්නේ. මාර වැඩේ නේ.. ඒ කතාව තව විදියකට බැලුවොත් එක දවසකට ලෝකෙට එකතු වෙන Android smart phones ලක්ෂ පනස් දහසකට වැඩී. එහෙම බලද්දී දැන් ලෝකේ Android ගැජට් ගාන විසිකෝටියක්. ඒ කියන්නේ මිලියන වලින්නම් 200ක්...පිස්සු නෙ....
Android OS එකෙන් වැඩ කරන mobile phones කියලා කියන්නේ එක්කෝ Smart Phone වලට. ඒ කිව්වේ ඔය computers වලින් වගේ වැඩ කර ගන්න පුලුවන් mobile phone වලට. එහෙම නැත්තම් Tablet Computers ඒ කිව්වේ අතේ ගෙනියන්න පුලුවන් ඒව්වා ඈ.. එහෙම කිව්වට මේ දේවල් වලට අමතරව electronic books කියවන්න පුලුවන් ජාතියේ e-Readers වලටත්, internet use කරන්න ලේසි වෙන්න හදපු notebook computers, TV වලටත් මේ Android OS එක use කරන්න පුලුවන්.
ඇත්තටම කියනවානම් ඇයි තවත් mobile OS තිබිලත් මෙච්චර Android OS එකටම ලොලේ ලොල් ඈ.. සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක් වගේද ? ඕවට හේතු එකක් නෙමෙයි ගොඩක් තියෙනවා.
BACK

No comments:
Post a Comment